
Torrent (ටොරන්ට් ) කියන්නෙ මොකක්ද?
ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ ප්‍රවාහය/නොකඩවා ගලායන ” කියන
එකයි. ටොරන්ට් කියනනෙත් Protocol (
ගොනු හුවමාරු නියමාවලි ) එකක්. උදාහරනයක් විදිහට https , http , Skype , TCP , UDP , FTP , IMAP , ICMP වගේ Protocol එකක්.
ගොනු හුවමාරු නියමාවලි ) එකක්. උදාහරනයක් විදිහට https , http , Skype , TCP , UDP , FTP , IMAP , ICMP වගේ Protocol එකක්.
අපි විවිධ වෙබ් අඩවි වලින් විවිධ දේවල්
ඩවුන්ලෝඩ් කරගන්නවනෙ. උදාහරනයක් විදිහට සාමාන්‍ය වෙබ්අඩවියකින් සිංදුවක් ඩවුන්ලෝඩ් කරනවා කියල හිතන්නකෝ, ඒවාට විවිධ ඩවුන්ලෝඩ්
සොෆ්ට්වෙයා අවශ්‍ය නෑ. ඉන්ටනෙට් බ්‍රවුසර් එකෙන් වුනත් ඩවුන්ලෝඩ් වෙනවා. ඒ මොකද
ඒවා ගබඩා වෙලා තියෙන්නෙ පෞද්ගලික සවර්
එකක, නැත්න්ම් ෆයිල් ශෙයාරින් සවර් එකක. එතන සම්පූර්න ෆයිල් එකම ඇති නිසා
ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් ලබා දෙන්න පුලුවන්..
ඒත් ටොරන්ට් වල එහෙම ඩිරෙක්ට් ලින්ක්
එකක් දෙන්න බැරි හේතුව එහි ෆයිල්ස් පෞද්ගලික සවර් එකක නැත්න්ම් ෆයිල් ශෙයාරින්
සවර් එකක ගබඩා වී නොමැති නිසා. මේ
ෆයිල්ස් තියෙනනෙ එම ෆයිල් එක බෙදා දුන් කෙනාගේ හා ඩවුන්ලෝඩ් කරගත්ත අයගේ පරිගනක වල
තමයි.
උදාහර්ණයක් කියනවනම්,
අපි හිතමු කමල් ගාව වීඩියෝ එකක් තියෙනව කියල ඔහු ඒක අනික් අයටත් බෙදාදෙන්න කැමතියි .
ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න, (ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක් මෙය 2kb පමන කුඩා ෆයිල් එකක්.
මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ
නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ
තොරතුරු ටිකක්.) හදපු ඒ ෆයිල් එක දෙනව නිමල්ට එතකොට නිමල් මේක තමන්ගේ ටොරන්ට් Client මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව.. කමල් මේ වීඩියෝ එක කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ. නිමල් බානකොට මේ ටොරන්ට් එක යන්නෙ කමල් ගේ පරිගනකයේ ඉදල ඉතින් මෙහිදි මෙම ක්‍රියාව
කළමනාකරණය කරන්නෙ Tracker
එකක් මගින්. ඒ නිසා කමල්ට සිදුවෙනව නිමල් මේක බාල ඉවර වෙනකම්ම මේ වීඩියෝ එක
අප්ලෝඩ් කරන්න. මේ නිමල් අප්ලෝඩ් කරන එකට තමයි සීඩ් කරනව කියන්නෙ. දැන් ඔන්න නිමල් ගාවත් අදාල වීඩියෝ එක තියෙනව. දැන්
ඕනෙනම් මේක නිමල්ටත් දිගටම සීඩ කරන්න පුළුවන්.... මේ තමයි ටොරන්ට් වල මූලික සිද්දාන්තය.
දැන් බලමු මෙම වීඩියෝ එකට
මෙකක්ද වෙන්නෙ කියල ,
මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එකක් (වීඩියෝ එක නෙවෙයි වීඩියෝ එක බෙදා හැරීමට සාදන ටොරන්ට් ලිපිගොනුව) මෙය අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි ඒ කියන්නෙ අබ්ලෝඩ් කරන අය 1යි. ) අපි හිතමුකො මේ වීඩියෝ හොය හොයා ඉන්න පුද්ගලයන් 10ක් දකිනව මේ ටොරන්ට් එක. එයාල මෙම ටොරන්ට් ෆයිල් එක බාගන්නව ඊට පස්සෙ ටොරන්ට් Client මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව ඒක බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව.( අප්ලෝඩ් කරනව කිව්වට ඉබේම අබ්ලෝඩ් වෙනවා) එමගින් වීඩියෝ එකත් බාගන්නවාග. (දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව ඒ ගමන්ම අප්ලෝඩ් කරනව. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි ටොරන්ට් එකෙන් අපි ඩවුන්ලෝඩ් කරගන්නකොට එහි වන සිද්දාන්තය..
ටොරන්ට් භාවිතයේදී ඔබට හමුවන වදන් කිහිපයක තේරුම,
Availability
- අදාළ ෆයිල් එක සම්පූර්ණයෙන් තියෙන
සර්වර් එකක Availability එක 1.0 ලෙස හඳුන්වනවා.. යම් තැනක ෆයිල් එකෙන් හරියටම බාගයක් තියෙනවා නම් එය 0.5 ක Availability 1k ලෙස හඳුන්වනවා.. ඉතින් මේ Availability ඔක්කොම එකතුවුණාට පස්සෙ ලැබුණු අගය තමයි
අපිට Availability එකෙන් පෙන්නන්නෙ.. මේක වැඩිවෙන තරමට අපිට ඩවුන්ලෝඩ් කරන්න හොඳයි.
Health - ටොරන්ට් ෆයිල් එක ශෙයා කරලා තියෙන සයිට් එකේ අපි ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක තියෙන ප්‍රමාණය මෙමගින් හඳුන්වනවා.. 50% ක් කියන්නෙ සයිට් එකේ තියෙන්නේ ෆයිල් එකෙන් හරි අඩයි.. සමහරු හිතන් ඉන්නේ මේකෙන් කියන්නෙ ෆයිල් එකේ වයිරස් තියෙනවද නැද්ද කියන එක කියලා. මේක වැරදි මතයක්..
Lecher - මේකට තේරුම් 2ක් තියෙනවා. එකක් තමයි අදාල ටොරන්ට් ෆයිල් එකේ 100%ක් ඩවුන්ලෝඩ් කරලා නොමැතිව දැනටත් ඩවුන්ලෝඩ් කරමින් ඉන්න පුද්ගලයා කියන එක.. අනික් එක තමයි ගොඩාක් අඩු Share Ratio එකක් තියෙන කෙනා.. ඒ කියන්නේ තමන් ඩවුන්ලෝඩ් කරන තරමට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයක් Upload කරන කෙනා..
Peer - Peer එකක් කියන්නෙ ෆයිල් එකේ කොටසක් හෝ සම්පූර්ණයෙන් ඩවුන්ලෝඩ් කර ඇති, එම ෆයිල් එක අනෙක් අයටත් ඩවුන්ලෝඩ් කරන්න Torrent Client Software එක On කර තබන පරිගණකයක්..
Seeder/ Seeds - මේ කියන්නෙ අදාළ ෆයිල් එකේ 100%ක් ඩවුන්ලෝඩ් කර ඇති, අනෙක් අයටත් ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ හැර ඇති පරිගණකයක්.. Seeders ලා වැඩි වෙන තරමට අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වේගය වැඩියි..
Share Ratio - Data
Uploaded හෝ
Data downloaded..
Swarm - මේ කියන්නෙ යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඒ ෆයිල් එක තියෙන, දැනට ඩවුන්ලෝඩ් කරන අයගේ සමූහය..
Tracker - අපි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරාම ඒ පිළිබඳ තොරතුරු යම් යම් සර්වර් වල තොරතුරු ගබඩා කරගන්නවා.. මෙයාලා ළඟ අපි ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක නෑ.. එයාලා ළඟ තියෙන්නේ මේ ෆයිල් එක තියෙන අනික් පරිගණක මොනවාද, ඒවා ෆයිල් එකෙන් දැනට කොච්චර ඩවුන්ලෝඩ් කරලා තියෙනවාද කියලා වගේ තොරතුරු.. ඉතින් මෙයාලා අපි ඇඩ් කරගත්තොත් අපිට ෆයිල් එක ගන්න පුළුවන් වේගය වැඩියි..
Torrent සර්ච් එන්ජිමක් ?
සමහර පුද්ගලයින් නොදන්නා කරුනක් තමයි සර්ච් එන්ජිම ගැන ඔවුන් ටොරන්ට්
එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමට කරන්නේ ටොරන්ට් ෆයිල් ශෙයා කරන වෙබ්අඩවියක් තෝරා
ගැනීමයි. මෙවැනි වෙබ් අඩවි 100 කට අධික ප්‍රමානයක් තිබේ. එක වෙබ් අඩවියකින් තේරුවෙහි
නම් ඇත්තෙන්ම මෙහිදි සීමිත ටොරන්ට් ප්‍රමානයකින් තමයි ටොරන්ට් ෆයිල් එක තේරෙන්නේ.
එහිදී ඔවුන්ට ගුනාත්මක භාවයෙන් අඩු එකක් ලැබීමේ සම්භාවිතාවය වැඩිය. මේ වෙලාවට හැම
වෙබ් අඩවියකම සර්ච් කර බැලීමට තමයයි සර්ච් එන්ජිමක අවශ්‍යතාවය එන්නෙ.
Torrent සර්ච් එන්ජිම >> www.Torrentz.eu
මෙම Torrent සර්ච් එන්ජිම මගින් ටොරන්ට් ෆයිල් ශෙයා කරන වෙබ්අඩවි
වල සර්ච් කර Result ලබා දෙයි. මෙහිදි Seeders ,Peers වැඩි ප්‍රමානයක් ඇති හොදම Ratting ඇති ටොරන්ට් එකක් සොයා ගත හැක.
Result අතුරින් එකක් Click කළ විට එම තෝරා ගත් ටොරන්ට් ෆයිල් එක
ඇති වෙබ්අඩවි වල ලිස්ට් එකක් ලැබේ. එහිදී Tracker අවසාන වරට අප්ඩේට් කරපු වෙලාවද
පෙන්වයි. මෙයින් අන්තිමටම Tracker
අප්ඩේට් කරපු වෙබ්
අඩවිය තෝරා ගෙන ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ කර ගැනීමෙන් ටොරන්ට් Client මෘදුකාංගයේදී වැඩි ඩවුන්ලෝඩ් වේගයක් ලබා ගත හැක.
දැන් එම අඩවියක්
ක්ලික් කළ පසු ඉන්ටනෙට්
බ්‍රවුසර් එකේ නිව් ටැබ් එකකින් එම ක්ලික් කළ ටොරන්ට් ශෙයා වෙබ්අඩවිය විවෟත වෙයි.
එහි ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ කර ගැනීමට ඇති Butten එකෙහි නම සදහන් වන්නේ සාමාන්‍යයෙන්
පහත ආකාරයේ නම් වලිනි.
Download This
Torrent , Download Torrent , Torrent Download , Torrent File
සමහරවිට මුල්වරට
භාවිතා කරන්නේ නම් Torrent File එක ටොරන්ට් ශෙයා වෙබ්අඩවියෙන් සොයාගැනීමට
අපහසු වෙන්නට පුළුවන. එවැනි අවස්ථාවකදී පහත තිබෙන Video බලන්න. එයින් Torrent File එකෙහි ඩවුන්ලෝඩ් Butten එක තිබෙන ස්ථානය බලා ගත හැකි වනු ඇත.
දැන් ඉතින් Torrent
File එක ඩවුන්ලෝඩ් කරන විදිහ හොදට දන්නවනේ
ඊලගට තියෙන්නෙ ඒ Torrent File එක ආදාරයෙන් අපට
අවශ්‍ය ලිපිගොනුව ඩවුන්ලෝඩ් කර ගැනීමයි.
දැන් ඉතින් අප සතුව ඇති ටොරන්ට් ෆයිල් එක මගින් අපට අවශ්‍ය ලිපිගොනුව ඩවුන්ලෝඩ් කර ගැනීමට තමයි තියෙන්නෙ. ඒකට ක්‍රම 2ක් තියෙනවා
එනම්,
1. ටොරන්ට් Client මෘදුකාංගයක් මගින්
2. වෙබ් අඩවියක් මගින් Direct Link ලබා ගැනීමෙන්
ටොරන්ට් Client මෘදුකාංගයක් මගින්
ටොරන්ට් Client මෘදුකාංගයක් යනු Torrent File එකෙහි ඇති තොරතුරු මගින් අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කර දෙන්නා වූ මෘදුකාංගයි. මෙවැනි මෘදුකාංග කිහිපයක් තිබේ. ඒවා පහත දැක්වේ.
Torrent ඩවුන්ලෝඩින් Torrent Client හා Direct Link මගින්
දැන් ඉතින් අප සතුව ඇති ටොරන්ට් ෆයිල් එක මගින් අපට අවශ්‍ය ලිපිගොනුව ඩවුන්ලෝඩ් කර ගැනීමට තමයි තියෙන්නෙ. ඒකට ක්‍රම 2ක් තියෙනවා
එනම්,
1. ටොරන්ට් Client මෘදුකාංගයක් මගින්
2. වෙබ් අඩවියක් මගින් Direct Link ලබා ගැනීමෙන්
ටොරන්ට් Client මෘදුකාංගයක් මගින්
ටොරන්ට් Client මෘදුකාංගයක් යනු Torrent File එකෙහි ඇති තොරතුරු මගින් අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කර දෙන්නා වූ මෘදුකාංගයි. මෙවැනි මෘදුකාංග කිහිපයක් තිබේ. ඒවා පහත දැක්වේ.
මම කැමතිම පිලිවලට ටොරන්ට් Client මෘදුකාංග ලිස්ට් එක දැම්මා. දැන් ඉතින් ටොරන්ට් ඩවුන්ලෝඩින් මෙයින් සොෆ්ට්වෙයා එකක් දාගෙන තියෙන්න ඕන. දාගෙන නැත්නම් ඉහලින් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.
දැන් Torrent File එක ඩබල් ක්ලික් කළ විට ටොරන්ට් Client මෘදුකාංගය විවෘත වෙයි පහත රුපය බලන්න.
Download Now ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ. සමහරක් ටොරන්ට් Client මෘදුකාංග වල Torrent File එක ඩබල් ක්ලික් කළ විටම ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ. එය මෘදුකාංගයේ Default සකසා ඇති ආකාරය මත තීරනය වේ. Options මගින් කැමති පරිදි සකසා ගත හැක.
Torrent File එක පරිගනකයට ඩවුන්ලෝඩ් කර නොගෙන Client මෘදුකාංගයට ලබා ගැනීමට
වෙනත් ක්‍රම කිහිපයක් තිබේ.
ඔබ Torrent File එක
ඩවුන්ලෝඩ් කර ගැනීමේදී බ්‍රවුසර් එකෙන් Open
කරන්නේ ද Save
කරන්නේ ද යන්න අසයි. එවිට එතනදී Open කර ගැනීමෙන් Client මෘදුකාංගයට වෙත යොමු වේ.
අනෙක් ක්‍රමය නම් Magnet Link එක භාවිතා කිරීමයි.
එය සිදුකරන්නේ ටොරන්ට් ෆයිල් ශෙයා කරන වෙබ්අඩවියෙන්
Magnet Link එක උඩ Right Click කර Copy Link යන්න තෝරා
ටොරන්ට් Client මෘදුකාංගය Open කර ගෙන File -> Open Torrent From URL | Ctrl + U වෙත ගොස් Paste කර OK කරන්න. සමහරක් Client මෘදුකාංග වල Link එක එම ස්ථානයේ Paste වී තිබේ. සමහරක් මෘදුකාංග වල Magnet Link එක Copy කළ විගස Client මෘදුකාංගයට Add කර ගනී. වෙබ්අඩවියෙන් Magnet Link එක සොයාගැනීමට අපහසු නම් ඉහත ඇති Screen Shot ගොනුව ප්‍රෙයෝජනයට ගන්න.
එය සිදුකරන්නේ ටොරන්ට් ෆයිල් ශෙයා කරන වෙබ්අඩවියෙන්
Magnet Link එක උඩ Right Click කර Copy Link යන්න තෝරා
ටොරන්ට් Client මෘදුකාංගය Open කර ගෙන File -> Open Torrent From URL | Ctrl + U වෙත ගොස් Paste කර OK කරන්න. සමහරක් Client මෘදුකාංග වල Link එක එම ස්ථානයේ Paste වී තිබේ. සමහරක් මෘදුකාංග වල Magnet Link එක Copy කළ විගස Client මෘදුකාංගයට Add කර ගනී. වෙබ්අඩවියෙන් Magnet Link එක සොයාගැනීමට අපහසු නම් ඉහත ඇති Screen Shot ගොනුව ප්‍රෙයෝජනයට ගන්න.
File එක ඩවුන්ලෝඩ් වී අවසන් වු පසු Seed වීම සිදුවෙයි. එවිට අපේ පරිගනකයෙන් වෙනත් අයට ඩවුන්ලෝඩ් කර ගැනීම සදහා Upload කර ඔබට Download කිරීමට Seed කළ අයට කෘතගුණ දක්වන්න.
වෙබ් අඩවියක් හරහා Direct Link ලබා ගැනීම
මෙහිදී සිදුවන්න Torrent File එක හෝ Magnet Link එක එම වෙබ් අඩවියට ලබා දුන් විට එයට අදාල Files එම වෙබ් අඩවිය මගින් තම සවර් එකට ලබාගෙන අපට Direct Link ලබා දෙයි. මෙමගින් ඩවුන්ලෝඩ් කිරීමේදී Pause කිරීමයි පසුව Link භාවිතා කිරීමයි සිදුකළ නොහැක. ඒ මොකද අදාල Files එම වෙබ් අඩවිය මගින් තාවකාලිකව සවර් එකට ලබා ගන්න බැවිනි.
මෙවැනි වෙබ් අඩවි කිහිපයක්....
මෙම වෙබ් අඩවි අතුරින් zbigz හා BitLet වෙබ් අඩවිය මගින් ඩවුන්ලෝඩ් කිරීට Registration වීමක් අවශ්‍ය නොවේ. එහෙත් QUICK TORRENT හා ByteBox සදහා Registration වීමක් අවශ්‍ය වේ. මේ වෙබ් අඩවින්ට ගොස් එහි ඇති උපදෙස් අනුව ක්‍රියා කලානම් හරි. මොකද ඒ ගැන කියාදෙන්න තරම් දෙයක් නෑ.
ඔන්න එහෙනම් ටොරන්ට් ගැන කියල ඉවරයි. මට මෙහිදී
කුමක් හෝ මා හට මග හැරී ඇත්නම් පහතින් Comment කරන්න.










No comments: